වැස්ස තදයි මරණ හතයි

rain

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිනිගත්හේන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් වෙළඳසැල් 10ක්ද සමඟ පෙරේදා (19) අලුයම නාය යාම හේතුවෙන් ඊට හසුවූ එම වෙළඳසැලක සිටි ව්‍යාපාරිකයෙක් මියගොස් ඇත.

සූරියවැව ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් මතට පෙරේදා (19) පස්වරුවේ ගසක් කඩාවැටීම හේතුවෙන් 31 හැවිදිරි කාන්තාවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක මිය ගොස් තිබිණි.

හැටන්, ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප‍්‍රදේශයේ දිය පහරකට හසුව ගසාගෙන යෑමෙන් ඊයේ  දැරියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මීට අමතරව මහනුවර මහියංගණය මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදී යතුරු පැදියක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් 29 හැවිරිදි තරුණයෙක්ද මරණයට පත්ව තිබේ.

පුද්ගයින් 260 කට ආසන්න ප්‍රමාණයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 44 ක් අයහපත් කාලගුණය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ගැඹුරු මුහුදේ රැඳී සිටින බව වාර්තා වෙයි.

මේ අතර ධීවර කටයුතු අමාත්‍යංශය පවසන්නේ, කුණාටු සහිත කාලගුණයත් සමග ශ්‍රී ලාංකිකයින් සහිත යාත්‍රා 44 ක් මෙරටට ලගාවීමට නොහැකිව ගැඹුරු මුහුදේ තිබෙන බවයි.

ඉන් යාත්‍රා 30 ක් මාලදිවයිනට ආසන්නයයේ පිහිටි ඇති අතර සෙසු යාත්‍රා 14 තිබෙන්නේ ඉන්දියාවට ආසන්නයේයි.

එම යාත්‍රාවල ධීවරයින් 260කට වැඩි පිරිසක් සිටින බව ධීවර කටයුතු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් ධීවර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, මේ සම්බන්ධයෙන් දැනටමත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් මාලදිවයිනේ තානාපති කාර්යාලයත් දැනුවත් කර ඇති බවයි.

මේ අතර වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින වැසි සහ සුළං තත්ත්වය ලබන 21 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.