විකල්ප හොයන ශ්‍රීලනිපය කොහොල්ලෑ බබා වේද ?

maithripala-ranilපළාත් පාළන මැතිවරණයේදී ප්‍රමාණාත්මක බලපෑමක් කිරීමේ සටන තවමත් ශ්‍රීලනිප මෛත්‍රී පිල අත්හැර නොමැත. ශ්‍රිලනිප ඇමැතිවරු ඇමැතිධූර වලින් ඉවත් වී සම්මුති ආණ්ඩුවෙන්ද ශ්‍රීලනිපය ඉවත් වී විපක්ෂයක් ලෙස ඡන්දයට මුහුණ දීමේ විකල්පයට ඇමතිවරු වැඩිදෙනා අකමැති වන්නේ ඒ තුළින් තමන් කබලෙන් ලිපට වැටෙන බැවිනි. අනෙක් අතට එසේ නොකොට එක්සත් ජාතික පක්ෂයට එරෙහි දැඩි මැතිවරණ සටනක් මෙහෙය විය නොහැක.

ජනාධිපති සිරිසේන ගේ උදහසට ලක්ව තිබෙන lanka e news වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ශ්‍රීලනිපය උපක්‍රමය වන්නේ අගමැති රනිල් විරෝධය හැකි තරම් කරටියට නංවා අගමැතිවරයා ඉවත් කර ඡන්දයට පෙර ජනාධිපති බලතල යොදා කෙසේ හෝ තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමයි. ඒ සඳහා රනිල් විරෝධී යූඇන්පී මන්ත්‍රීවරුන් කෙසේ හෝ පොළඹවා ගත යුතු යැයි ද අවශ්‍ය මුදල් සොයා ගත හැකි යයිද ජ්‍යෙෂ්ඨයෝ පවසා ඇත.

එජාපයේම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්

ශ්‍රීලනිප අගමැතිවරයෙක් නොව යලිදු එජාපයේම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් අගමැති කළහොත් එජාපයෙන් අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව ලබා ගැනීම අපහසු නොවන බව ජනාධිපතිවරයා පැවසූ කල්හි ජ්‍යෙෂ්ඨයෝ ඊට එකඟ වූහ. ශ්‍රීලනිප මෛත්‍රීපිලට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතාමත් අඩු සංඛ්‍යාවක් වුවහොත් ඡන්දය නිමා වී මෙවැනි දෙයක් කිසිසේත්ම කළ නොහැකි බවද කරනවා නම් කළ හැක්කේ ඡන්දයට සතියක් පමණ තියා බවද සාකච්ඡා කෙරිණ.

මේ ඇමතිවරයා කව්දැයි යන්න පිළිබඳව කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. එහෙත් මේ වර්තා කරුවන්ට මග හැරුණු පුවත වන්නේ රනිල් වික්‍රමසිංහ දැනටමත් මේ පිළිබඳව පියවර ගෙන ඇති බවයි. ඒ හේතුවෙන් ශ්‍රීලනිපය ප්‍රර්ථනා කරන නායකත්ව අර්බුදය සිහිනයක් වීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.