වික්ටර් ගේ සඳ රිමාන්ඩ්

Victor Hashini

ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායකයන්ගේ ආදරණීය ‍ ප්‍රේමවන්තිය බිරිඳ කරගැනීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ මගේ සඳ ඇවිත් යනුවෙනි. සඳ තංගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බැංකුවක සේවය කරමින් නියම රත්තරන් බඩු වෙනුවට ව්‍යාජ රත්තරන් බඩු සැකසීම ඇයට එරෙහිව ඇති චෝදනාවයි. කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත. රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකු කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

ඇය තංගල්ල උසාවියට ගෙන එන ලැබූ පොලිස් ජීප් රථයකිනි . බොහෝ රූපවාහිනී නාලිකා ඇයට කාරුණික වෙමින් ඇගේ මුහුණ නොපෙනෙන සේ කැමරා ගත කිරීමට උනන්දු වූහ.

හෂිනි අමේන්ද්‍රා ට ලබන 14 වැනිදා වන තෙක් රිමාන්ඩ් භාරයේ ගත කිරීම්ට සිදුවනු ඇත. වික්ටර් රත්නායකයන්ට ඔහුගේ සඳ නොමැතිව කල්ගත කිරීම්ට සිදුවනු ඇත. හෂිනි විවාහ වීමෙන් අනතුරුව වික්ටර් රත්නායක නව පණක් ලබා ගත් බවයි ඔහුගේ සමීපතමයින් බොහෝ දෙනෙක් පවසන්නේ.

මේ සිදුවීම වික්ටර් තුළ යම් කම්පනයක් ඇති කලත් ඒ තුළින් ඔවුන්ගේ ප්‍රේමයට බාධාවක් නොවන බවයි වික්ටර් ගේ ගීත රචකයෙක් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.