වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයේ

victor

ප්‍රවීන ගායක වික්ටර් රත්නායකයන් වකුගඩු ආබාධයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඔහුගේ පුත් ලෙලුම් රත්නායක පවසන්නේ. මේ වන විට ලෙලුම් රත්නායකට රෝහල තහනම් භූමියක් වී ඇත.

කෙසේ වෙතත් හිතවත් වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් තොරතුරු ලබාගෙන සහෘදයින් දැනුවත් කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවයි ඔහු පවසන්නේ. දියණිය මංජුලාට රත්නායකගේ බිරිඳගෙන් ඇමතීමක් ලැබී ඇති අතර ඔහුගේ කට ඇද වි ඇති බව ඇය පැවසූ බව ලෙලුම් රත්නායක පවසයි.

පෙනහැල්ලට වතුර පෙරන තත්ත්වයක් ඇතිවි ඇති හෙයින්ය හුස්ම ගැනීමේ අපහසුවක් පවතින බව ලෙලුම් රත්නායක පවසයි.

මේ මහා ගාන්ධර්වයාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන සහෘද කැලට අපද එක්වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.