විග්නේෂ්වරන් අලුත් පක්ෂයකින් මහ ඇමති අපේක්ෂක වෙයි?

Vigneswaranඋතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා නව පක්ෂයක් ආරම්භ කර එයින් එළඹෙන පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහුගේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. විග්නේෂ්වරන් මහතා එම පක්ෂය හැදීමට බලාපොරොත්තු වන්නේ දෙමළ ජාතික සන්ධානයට විකල්ප පක්ෂයක් වශයෙනි.

විග්නේෂ්වරන් මහතා තම පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන අදහස්වලට විග්නේෂ්වරන් මහතාගේ අකමැත්තක් පවතින බව EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසා තිබුනි.

වසර 25 කට පසුව උතුරේ පැවති ප්‍රථම පළාත් සභා මැතිවරණයේදී විග්නේෂ්වරන් මහතා තමිල් ඉලංගෙයි අරිසු කච්චි පෙරදැරිකර ගනිමින් දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය කලේ 132,255 ඡන්ද ලබා ගනිමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.