විජේවීරගේ පුතා පොහොට්ටුවෙන්

uwindu wijeweera

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

රෝහණ විජේවීරගේ අවසාන මොහොතේ සිදු වූ බොහෝ දේ එළිදරව් හොත් දේශපාලනය උඩුයටිකුරු විය හැකි බව උවිඳු විජේවීර පවසයි. ඔහු මෙතෙක් කල් කිව්වෙ බලමු ඉස්සරහට යන්න වෙනුවෙනි. තුවක්කු නැති අරගලයක් වෙනුවෙන් ඔහු පෙනී සිටි. ජනතා විමුක්ති පෙරමුණ ගණන ප්‍රශ්න කළ විට ඔහු ලිස්සා යයි.

පසුගියදා මේ ගැන සාකච්ඡාවකට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවිය. මෙම හමුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ දිසාවෙන් තරග කරන ලෙසයි. ඒ ගැන ඔහු තමන්තේ ස්ථාවරය ප්‍රකාශ කර නැතත් උවිඳු විජේවීර වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බව වාර්තාවේ. සිය පියාගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටින් තරගයට එන ලෙසද ඔහුට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.