විදුලි සැර වැදීමෙන් මියගිය දෙදරු පියෙකු මළ සිරුරක් සොයාගැනේ

වවුනියාව අවුසදපිටිය අරුගම්පුල්එලිය කැලෑ ප්‍රදේශයේදී (31) උදෑසන වන සතුන්ට ඇටවූ විදුලි කම්බියක් පැටලී විදුලි සැර වැදීමෙන් මියගිය දෙදරු පියෙකු මළ සිරුර වවුනියාව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ නාගරිප්පුකුලම් පදිංචි විග්නේෂ්වරන් ගිරිදාස් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණය 30 දින රාත්‍රී 9.30 ට පමණ සිදුව ඇති බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.

වල් ඌරන් දඩයම් කිරීම සඳහා මෙම මරුවැල් ඇද ඇතැයි පවසන පොලිසිය මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංග්වට ගෙන ප්‍රශණ කරගෙන යන බවද පවසිය.

ඉරට්ට්පෙරියකුලම් පොලිසිය හා වවුනියාව පොලිසිය පරික්ෂණ සිදුකරනු ලබයි.

දිනසේන රතුගමගේ

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.