විදුහල්පතිනියට මාරු බැහැ

principle-1ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණගැස්වූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි භවානි රගුනාත් මහත්මිය කිසිදු හේතුවක් මත හෝ වෙනත් පාසලකට ස්ථාන මාරුකර නොයවන බව ඌව පළාත් වතු යටිතල පහසුකම් සහ දෙමළ අධ්‍යාපන කටයුතු බාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.

මෙකී සිද්ධියට අදාල විමර්ශන මේ වන විටත් අරඹා තිබෙන බවත් මෙම විමර්ශනවලින් කුමන දේ සිදුවුවත් මැයව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙසින්ම තබා ගන්නා බවට දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා සහතික වන බැව්ද හෙතෙම කීය.

අභිනවයෙන් දිවුරුම් දුන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සදහන් කලේය. තවද මෙම විදුහල්පතිනිය ඉහළම සුදුසුකම් ඇති විදුහල්පතිවරියක බවද අමාත්‍යවරයා සදහන් කලේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.