විදේශ ඇමති තරඟයේ මාරපන ඉදිරියෙන්

thilak-marapanaහිටපු මුදල් අමාත්‍ය මෙන්ම වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදාන වීමත්ම්න සමඟම එම අමාත්‍ය ධුරය සඳහා තිලක් මාරපන අමාත්‍යවරයා පත් කිරීමේ යෝජනාව ඉදිරියට පැමිණ තිබේ.

මේ සඳහා ආචාර්ය සරත් අමුණුගම ගේ නම් ඉදිරිපත් වේ තිබුනත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමේ හේතුවෙන් මාරපන මහතා ගේ නම ඉදිරියට පැමිණ තිබේ. රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හෙයින් එම ඇමති තනතුර එම පක්ෂයටම ලැබිය යුතු බව තීරණය වී ඇත.

තිලක් මාරපන ඇමතිවරයා මෙරට සුප්‍රසිද්ධ අවන්ගාඩ් අවි ගණුදෙනුවේ චූදිතයන්ට සහයෝගය දක්වන බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වීම නිසා රට තුළ නැගුණු විරෝධය හමුවේ ඔහු එතෙක් ඇමති ධුරය පොලීසිය බාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.