
ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන තුන්දින ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් සමග නව දිල්ලියේදී සාර්ථක සාකච්ඡා වටයක් පැවැත්වූ බවයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ පවතින ද්විපාර්ෂික සම්බන්ධතා පිළිබඳව ඉතා නිරවුල්ව හා අවංකව අදහස් හුවමාරු කරගත් බව වාර්තා විය. මෙම අදහස් පදනම් කරගනිමින් ඉන්දියාවේ ආයතන ගණනාවක් සමඟ කලාපීය ව්‍යාපෘති රාශියක් නව විදේශ ඇමැතිවරයා විසින් හඳුනාගෙන ඇත.
අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම, ඉන්දීය ආයෝජන වැඩිකර ගැනීම, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය, අධ්‍යාපනික ආයතන අතර හුවමාරු වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කොට ඇත. “ඔබේ විදේශ අමාත්‍යවරයා තරම් සරල නිරහංකාර ඇමතිවරයෙක් මා දැක නැතැයි” www.lankanewsline.com කියා සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතා බුද්ධඝයාවට ගිය අවස්ථාවේ එහි සිටි සරසවි ඇදුරෙක්.