විනිසුරු ගිහාන් ගෙන් නඩුව ඉවත් කරන්න මහේස්ත්‍රාත් තිලිණ කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

thilina gamage

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැතිව වෙනත් විනිසුරුවරයකු හමුවේ තමන්ට එරෙහිව ඇති නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ ගොනුකොට ඇති නඩුව විභාග කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (5) තින්දු කළේය.

නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ. තමන්ට එරෙහි අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අගතිගාමී ලෙසින විභාගය වන බවත් , එහිදී තමන්ට යුක්තිව ඉටුවීම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව තිළිණ ගමගේ කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.