විපක්ෂ නායක අනුර කුමාර දිසානායක

anura-kumaraආණ්ඩුව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය විසදීමේ ප්‍රධාන ගැටළුව වී ඇතේ ජනාධිපතිවරයා අතීරණයයි. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි කණ්ඩායම ලෙසින් එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇතත් එජාපයට එකතු වන ශ්‍රීලනිප කණ්ඩායමට ඇමතිධුර ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින් ඒ පිළිබඳවද මෙතෙක් නිශ්චිත එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය තීරණයකට පැමිණ තිබුණේ ඔවුන් තනිව ආණ්ඩුවක් පිහිටු වන බවටය. යහපාලන ආණ්ඩුවේ අනාගතය තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට පෙරේදා (13) දින පැවති ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ එජාප කණ්ඩායම එකඟතාවකට පැමිණ තිබූ නමුත් මේ කමිටුව තවමත් පත් කර ගත නොහැකි වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂ නායක ධූරයට පත්කිරීමට ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමක් විසින් කර ඇති යෝජනාවෙන් පොහොට්ටුවේ කණ්ඩායම කැළඹීමකට පත්ව සිටින බවද වාර්තා වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.