විමල්ගේ සහන මල්ල ලිහන්න වෙලාව හොඳයි

සමෘද්ධිලාභීන්ට, දැනට සමෘද්ධිය නොලබන ඒත් සුදුසුකම් ඇති අයට, ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පවුල්වලට, දෛනික කුලී කම්කරු රැකියාවල යෙදෙන්නන්ට, ස්ථිර ආදායමක් නොමැති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට, සුව කළ නොහැකි දැඩි රෝගාබාධවලින් පෙළෙන්නන්ට රුපියල් 3000ක් වටිනා ආහාර මල්ලක් දීමට සම ආණ්ඩුව කටයුතු කරන බව විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේ දී ය

“වියළි ආහාර හාල්, පරිප්පු, කරවල, ළූණු, මිරිස්, සීනි. මාසික ජලබිල්පත් සඳහා සීයට 15ක සහනයක් දෙනවා. මාසික විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු විදුලි බිල්පතට සීයට 25ක සහනයක් දෙනවා. මාසයකට එක ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 100ක සහනයක් දෙනවා. රූපවාහිනී යන්ත්‍රයක් ගෑස් ලිපක් සහ රයිස් කුකරයක් සීයට 25ක් අඩු මිලට දෙනවා. දුරකථන බිලට ගහන බදුවලින් සීයට 50ක් අඩු කරනවා”.

තවත් පොරොන්දුව විමල්ගේ සහන මල්ලෙ විය.

භූමිතෙල් සහනාධාරය ඉහළට යවනවා. අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ට ගර්භණී කාලය තුළ රුපියල් 2000ක මාසික දීමනාවක් දෙනවා. අවුරුද්දකට පාසල් නිල ඇඳුම් කට්ටල දෙකයි … අකිල විරාජ් කාරියවසම්ගෙ මූණත්තහඩුව ගහපු වව්චරය වානා, කෙළින්ම අපේ දරුවන්ට පාසල් නිල ඇඳුම් දෙකක් හම්බවෙනවා. සෑම දරුවෙකුටම සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් නොමිලේ දෙනවා. සම්භාවනීය විශ්‍රාමික ජීවිතයකට අත දෙනවා.

පිළිකා වකුගඩු වැනි බරපතළ රෝගී තත්වයන්ගෙන් පෙළෙන සියලු රෝගීන් සඳහා ලබාදෙන මාසික දීමනාව රුපියල් 2500කින් ඉහළ දානවා. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වයස අවුරුදු 12ට වඩා අඩු දරුවන් සිටින ඒක මාපිය පවුල් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් දෙනවා. මේ සහන මල්ල අරගෙනයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද කුරුණෑගලට ආවේ”

මෙම පොරොන්දු ඉටුකිරීම සඳහා අත්‍යවශ්‍ය මොහොත දැන් උදා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.