විශ්වශක්ති ගුරු දීගොඩ කුමාර අත්අඩංගුවේ?

Deegoda Kumara

නොයෙකුත් ශක්තීන්ගෙන් රෝග සුව කරන අය සිටිති. විශ්ව ශක්තියෙන් රෝග සුව කරන බව කියන දීගොඩ කුමාර නැමැත්තා ද එවැන්නෙකි. ‘දෙව් සුව සේවා’ නමින් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන දීගොඩ කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් නිකුත්කොට ඇත්තේ 17 හැවිරිදි රෝගී දරුවෙකුට විශ්ව ශක්ති වැඩසටහනදී ආහාර දීමෙන් පසු එම දරුවා දැඩිලෙස රෝගාතුර වීමෙන් පසුවයි.

මෙය මෙසේ සිදු වූ මුල්ම අවස්ථාව මෙය නොවේ .පසුගිය වසරේ සැප්තැම්බර් 7 වනදා හොරොව්පතාන මහජන ක්‍රීඩා පිටියේදී දීගොඩ කුමාර පැවැත්වූ වැඩසටහනකදී දෙදෙනෙකු මියගොස් 18 දෙනෙකු අසාධ්‍යතත්ත්වයෙන් රෝහල් ගත කෙරින.

එහිදී මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව මහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පී. දිනුෂා ද සිල්වා නමැති කාන්තාවක සහ කුරගල දික්හේන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි හෘද රෝගියකු වන ඒ. එම්. රණවක නමැති පුද්ගලයෙකි.

දීගොඩ කුමාර කොටු වුණේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 17 වනදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ද විශ්ව ශක්ති වැඩසටහනකින් අනතුරුව දරුවෙක් දැඩි ලෙස රෝගාතුර වීමෙනි. අසාධ්‍ය තතත්වයේ පසුවූ දරුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත පොලිසියෙන් ප්‍රශ්න කළ අතර දණ්ඩනීති සංග්‍රහයේ 300 වැනි වගන්තියට අනුව මිනීමැරීමට තැත්කිරීම චෝදනාව යටතේ ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.