වූහාන් හි සිට පැමිණ දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිස – නිවසට

wuhaan

නිරෝධායන ක්‍රියාවලියක් සඳහා දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සිදින 14ක කාලයක් රඳවා තැබුන පිරිස මේ වන විට තමන්ගේ නිවෙස් කරා ලඟා වී සිටිති.

lankanewsline වෙත කතා කල සිසුවෙක් කියා සිටියේ චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි තමන් ඇතුළු තව තිස් දෙදෙනෙක් ඉතා හොඳින් රැකබලා ගැනුණු බවයි.

රෝග පරික්ෂා වාර්තා පවා එස්එම්එස් භාවිතා කරමින් එහා මෙහා කෙරුණු අතර ඒත් ගත වූ දින කිහිපය තුළ ජංගම දුරකතනය ඔස්සේ හිතවතුන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකිවේ මහත් සහනයක් බව අපට කතා කළ සිසුවා පැවසීය.

ඔවුන් අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමට නියමිත අතර එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී තම ස්තුතිය පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.