වෙඩි තැබුවේ ඔළුවට – ලැබුනේ ගෙයක්

gunකතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුට ජනවාරි 20 වැනිදා රාත්‍රියේ කතරගම පොලිසියේ කොස්තාපල්වරයකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මරණයට පත්විය. මරණකරු වෙනුවෙන් නිවෙසක් ඉදිකර දීමට පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත්ව තිබේ. අණ නොතකා ධාවනය කිරීම වෙඩි තැබීමට හේතුව බව පොලිසිය කියා තිබේ. අණ නොතකා ධාවනය කළා යැයි මිනිසුන් මරා දැමූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2016 වසරේ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුටද මෙසේ වෙඩි තබා තිබිණි. චුන්නාකම්හි වැලි ලොරියකට වෙඩි තැබීමෙන්ද පුද්ගලයකු මරණයට පත්විය.
2014 ජුනි 16දා පස්යාලේදී අණ නොතකා ධාවනය කළා යැයි චෝදනා කොට තරුණයකු මරා දැමීය. මෙසේ මරා දමනු ලැබූ කිසිදු වින්දිතයකු වෙනුවෙන් නීතිය ක්‍රියාවට නැඟුණේ නැත.

වර්තමාන කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් 2012 වසරේ රතුපස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණයේ වෙඩි තැබීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවද වාර්තා වේ. මේ සියල්ල සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයන්ය. අපරාධකරුවන්ට නීතිය හමුවේ වරදකරුවන්ව දඬුවම් ලැබෙනු ඇතැයි යන විශ්වාසය රටේ පුරවැසියන් තුළ ඇති කිරීමට ආණ්ඩුව අසමත්ව තිබීමද ඛේදවාචකයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.