වෙබ් අඩවි මාධ්‍ය කාර්යාලයක පොලිස් විමර්ශනයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය සේවා ලබාගත් ආයතනයක් පොලිස් පරීක්ෂණයකට ලක්වූ බව පාඨලී රණවක හිටපු ඇමතිවරයාගේ ලේකම්වරයා වූ ධනුෂ්ක රාමනායක පවසයි.

දිගින් දිගටම සිදුවන මේ විමර්ශන මැතිවරණ නීතී උල්ලංඝණය කරන්නක් බව රාමනායක මහතා පවසයි. එසේම විමර්ශන අවස්ථාවේදී කිසිදු දෝෂයක් පිළිබඳව සාක්ෂි ලැබී නැතැයි ඔහු පෙන්වා දෙයි. පරීක්ෂණ කටයුතු සුවද ආකාරයකට පැවැත්වූ බව රාමනායක මහතාගේ නිරීක්ෂණයයි.

පරීක්ෂණ පැවැත්වීමට එකඟ නමුත් බිය වැද්දීමට තමන් යටපත් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යහපත් වැඩපිළිවෙළට ආශිර්වාදාත්මකව එක්වන බවත් රාමනායක මහතා පවසයි

මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී. මීලග ඉලක්කය තම මාධ්‍ය ඒකකයේ ප්‍රධාන රුවන් ෆර්ඩිනැන්ඩ් විය හැකි යයිද හිටපු ඇමතිවරයා සඳහන් කොට සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.