වෙරළ රැකගන්න කසල තාප්ප – මහාචාර්ය පී. ආරියසේන ද සිල්වා

මුහුද ගොඩ කොට වෙරළ රැක ගැනීමට කසල යොදාගත හැකි බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරියසේන ද සිල්වා පවසයි.

කසළ කළුගල් කොටසක් සමග එක් කොට මීටර් 1 ක් දිග මීටර් භාගයක හරස් කඩ ඇති කුට්ටියක් බවට පත් කිරීමෙන් තාප්ප බැලීමට අවශ්‍ය’ ගඩොල්’ සදා ගත හැකි ය

අවශ්‍ය ප‍්‍රමාණයට යකඩ අච්චු සදා ගත යුතුය. සරල තරාදියකින් කසළ කිරා ගල් සමග එකතු කරනු ලැබේ. සිමෙන්ති මඳකුත් මුලදී දැමීම යෝග්‍ය වනු ඇත. කම්බි දැල් අච්චුව තුළ දමා මිශ‍්‍රණය සම්පීඩනය කළ පසු එලියට ගෙන 6 ට 1 සිමෙන්ති බදාමයක් ඝනකම මිමී 12 ක්ව යෙදිය යුතුය.

දින කිහිපයකට පසු ප‍්‍රවේශමෙන් කුට්ටිය සුදුසු ලෑලි මත තැබිය යුතුය. මේවා සිදු වන්නේ ගොඩබිම නිසා මුහුදු වෙරළට ගෙන යෑමේ ප‍්‍රශ්නයක්ද මතු නොවන්නේ බටහිර වෙරළ දිගේම දුම්රිය මාර්ග ඇති බැවින් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ කාර්ය දිවා රෑ කළ යුතු බැවින් එක ක‍්‍රමයක් නම් අපට ඇති වැල්ලවත්ත සහ අඟුලාන වැනි තැන්වලින් පාරු මගින් ගෙන යෑමයි. එහි වාසියක්ද ඇත. කෙළින්ම මුහුදේ අවශ්‍ය ස්ථානයට ගෙන ගොස් එහි මුහුදු පතුලට දොඹකරයකින් බෑමෙන් කුට්ටියට අවම හානි වීමයි. කිමිදුම් කරුවන්ද අවශ්‍ය වනු ඇත. නැතිනම් ජලය යට කි‍්‍රයා කළ හැකි කැමරා යොදා සුදුසු ලෙස මෙම කුට්ටි තැබීමද කළ හැක. පේලියක් අවසන් වූ පසු කිමිදුම් කරුවෙකුට කැමරාවක් සමග ගොස් පින්තූර ලබා ගත හැක. එක තට්ටුවක් ඉවර වී දෙවැනි තට්ටුව යෙදීමට පෙර මෙය කළ යුතුය. පහළම තට්ටුව මීටර් 3 කින්ද උඩම තට්ටුව මීටර් එකකින්ද සමන්වින වීම සෑහේ යැයි මහාචාර්ය ආර්යසේන ද සිල්වා කියා සිටියේය.

මේ සඳහා අවශ්‍යය පස් කපන යන්ත‍්‍ර හැර අන් සියලූම උපකරණ දේශීය කර්මාන්ත කරුවන්ට නිපදවිය හැක. මීටර් 500 ක් මුහුදු වෙරළේ සිට දියඹට සාදා මීටර 1500 ක් වෙරළට සමාන්තරව තාප්පය බැඳීමෙන් ලැබෙන කොටුව තුළට කසළ සම්පීඩනය කොට දැමිය හැකි. ඒ සඳහා සිමෙන්ති හෝ අච්චු අවශ්‍ය නැත. කොටුවට පස් තට්ටුද වරින් වර දැමීමෙන් ප‍්‍රයෝජනවත් ඉඩමක් ලබා ගත හැක. තාප්පයට ආසන්නයේ වැටකේයියා සහ සූරිය ගස් වවා ඉන් ඇතුළෙහි පොල් පැළ වගා කළ හැකිය. සුදුසු පොල් ගස් නම් උස අඩු වසර තුනකින් පීදෙන වර්ග විය යුතුය. මේ අතර මුගුණුුවැන්නද වගා කිරීමට හැක. දෙවන ලෝක සංග‍්‍රාමය සමයේ අපි මෙවැනි දේ සාර්ථකව කෙළෙමු. අද අලූත් ක‍්‍රම යොදා ගොවිතැන් කිරීමද සලකා බැලිය යුතුය.

1953 නෙදර්ලන්තයට අති මහත් විනාශකාරී ජල ගැල්මට පසු ඉඩම් වල ලවන ගතිය මහත් ගැටලූවක් විය. නමුත් කිසිම අමු ද්‍රව්‍යයක් නැති එරට ගොඩ ගත්තේ ඉංජිනේරුවන් විසිනි. ඔවුන්ට ඇත්තේ මුහුදින් ගන්නා වැලි පමණි. අපට සියලූම සම්පත් ඇතත්, නැත්තේ ධෛර්යය පමණක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.