වෙසක් දිනවල මාංශ අනුභවය, මත් පැන් බීම, සූදු බෑ

vesakවෙසක් දින ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අප්‍රේල් මස 29 සහ 30 දෙදින තුල දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල් වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට රජය කටයුතු කරන බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා දන්වා සිටී.

මෙවර වෙසක් සතිය අද (26) සිට ආරම්භ වන අතර එය මැයි මස 02 වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ.

මේ අතර මැයි පළවෙනිදාට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 07 වෙනිදාට කල් දැමීමට රජය විසින් කටයුතු කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.