
ඔස්ටේ්රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට සිදුවූයේ මක් ද යන්න පිළිබඳව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් ජනාධිපති වරයා හා සෞඛ්‍ය ඇමතිණිය විමසීමක් කළ යුතු බව ඕස්ට්‍රේලියානු සංවිධානයක් පවසයි.
ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර පිහිටුවා ඇති සංවිධානයක් වන ”AUSLMAT’ (Australia Sri Lanka Medical Aid Team) සංවිධානය මගින් 2018 වසරේ අග භාගයේදී රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් අඩි(40 :40 HC) කන්ටේනරයක දමා නැව් මගින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඌව පළාත් සභාවට අයත් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරුන්ගේ කාරුණික ඉල්ලීම මත බව එම සංවිධානය පවසයි.
මොකක්ද වතුරුවිල මං පිස්සු හනුමා කෑම ගෙන්නන්න ද එළවළු කෑම දෙයක් අයියේ හා වෙනම චිකන් ෆ්‍රයිඩ් රයිස් ඉගෙනගන්න නෑ එපා ද හැම චිකන් ෆ්‍රයිඩ් රයිස් එක hot butter cuttlefish ඔයාට මොනාද උනේ ඔයා ඇයි ඒ මේ රාජ බාහිර වුණු කෑම දෙයක් ගැන යන්ඩද හා බක් ආපුහාම හරියන අහංගම හරි මම එහෙනම්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඌව පළාත් භාරව එවකට ලේකම්ව සිටි අනිල් විජේසිරි මහතාගේ නමට මෙම කන්ටේනරය යවන ලද්දේ Bill of Ladding අංක 500006375 යටතේය. කන්ටේනරය වරායෙන් මුදාගැනීමට 2018 ජූලි 19 වැනි දින අනිල් විජේසිරි මහතාගේ අනුමැතිය ඇතිව රුපියල් 33,744.76 ක මුදලක් නැව් බඩු ඒජන්ත සමාගම වන Worldgate Express Lines Lanka Pvt Ltd සමාගමට ගෙවා ඇත.
AUSLMAT සංවිධානය විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය ලැබුණා දැයි ඌව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැවත විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි රාජිත සේනාරත්න විසින් එම කන්ටේනරයේ ඇති සියලූ වෛද්‍ය උපකරණ විනාශ කිරීමට උපදෙස් දී ඇති බවයි.
එයට හේතු වශයෙන් රාජිත සේනාරත්නට සමීපව වැඩ කළ අමාත්‍යාංශ වෛද්‍යවරයකු විසින් දන්වා ඇත්තේ ඔස්ටේ්රලියාවේ ‘AUSLMAT’ සංවිධානය ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට පක්ෂපාත බැවින්’ AUSLMAT’සංවිධානයේ ආධාර ලංකාවට අනවශ්‍ය බවයි. මෙය ‘AUSLMAT’ සංවිධානයට අදහාගත නොහැකි විස්මිතජනක හේතුවක් වන අතර එය විශ්වාස කළ නොහැකි හේතුවකි. මොහොතකට අප ‘AUSLMAT’ සංවිධානය රාජපක්ෂවරුන්ට පක්ෂපාත යැයි උපකල්පනය කරමු. නමුත් මෙම වෛද්‍ය උපකරණ තොගය ‘AUSLMAT’ සංවිධානය මඟින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද්දේ රාජපක්ෂ රජයක් නොතිබුණු වකවානුවකයි. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ හේතුව කිසිසේත්ම පිළිගත නොහැකි අඳබාල ප්‍රකාශයක් බව එම සංවිධානය පවසයි.