වෛද්‍ය මොහොමඩ් සාෆි ගෙන අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කුරුණෑගල රෝහලේ දී සිසේරියන් සැත්කම් වල ලක්වූ කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිර කිරීම පිළිබඳව ආන්දෝලනාත්මක චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය මොහොමඩ් සාෆි වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තමන් කටයුතු කරන බව නීතිඥ ෆරිස් සාලි පවසයි.

වෛද්‍ය සාෆි නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන තැබීමේ හේතුවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවයි ඔහුගේ නීතිවේදීන් පවසන්නේ.

වෛද්‍ය සාෆි සිංහල බෞද්ධ කාන්තාවන් දහස් ගණනක් වඳ බවට පත් කළේ ඇයි දිවයින පුවත්පත මූලාශ්‍ර රහිත වාර්තා කළ අතර පසුව හෙළිදරව් වුණේ වයඹ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ තොරතුරු මාධ්‍යයට ලබා දුන් බවයි. පොලිසිය මේ පිළිබඳ විමර්ශන පවත්වන අතර ජූනි 27 වනදා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට නියමිත

මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව අටසීයක් පමණ චෝදනා ගොනු වී ඇති නමුත් විමර්ශන සඳහා ඉදිරිපත් වී ඇත්තේ ඊට අඩු ගණනකි. දැනට කාන්තාවන් 71 දෙනෙක් විමර්ශන සඳහා ඉදිරිපත් වී ඇති අතර කොළඹ ද සොයිසා සහ කාසල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මේ කාන්තාවන් විමර්ශනයට ලක්කරමින් සිටිති.

වෛද්‍ය චන්න ජයසුමන එකහෙලාම කියා සිටින්නේ වෛද්‍ය සාෆි සැත්කම් සිදු කරද්දී සිදුකරද්දී එහි සිටි අනෙක් අයට හොරෙන් පැලෝපීය නාලවලට හානි කළ බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පිළිබඳ මහාචාර්ය හේමන්ත සේනානායක පවසන්නේ අවම වශයෙන් සැත්කම් කරන අවස්ථාවේදී බවත් ඔවුනට නොදැනෙන්නට පැලෝපීය නාල වලට හානි කිරීම සිදුකළ නොහැකි බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමය හෝ නාරි හා ප්‍රසව විශේෂඥයින්ගේ සංගමය මේ ආන්දෝලනාත්මක චෝදනා පිළිබඳව තමන්ගේ මතය ප්‍රකාශ කොට නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.