මුළු රෝගීන්ගේ කාන්තාවන්ගේ කැමැත්ත නොමැතිව වඳ සැත්කම් කළ බවට චෝදනා ලබන කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සාමාජිකයින් ගෙන් ඉල්ලා සිටි. මේ වනවිටත් වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වරයෙක් වන චන්න ජයසුමන ප්‍රකාශ කොට ඇත්තේ අන් අයට නො දැනෙන්නට විශේෂඥ වෛද්‍යවරයෙකුට සිසෙරියන් සැත්කම් කරන අතරතුර වන්ධ්‍යාකරණය ද කළ හැකි බවයි.
“චෝදනාවට ලක්ව සිටින සාෆි අපේ සාමාජිකයෙක්. මේක වෛද්‍ය වෘත්තියට අදාලව පරීක්ෂණ පැවැත්වෙන්න ඕන දෙයක්. ඇමතිට ඕන විදිහට පරීක්ෂණ පවත්වන්න බැහැ. අපි තීරණය කළා මේ සිදුවීමේ සත්‍ය අසත්‍ය භාවය සොයන්න අපේ සංගමයට අදාළව කමිටුවක් පත් කරන්න. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මේ කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුලත අපි ලබාගන්නවා. එය විනය කමිටුවට ඉදිරිපත් කරලා අපි තීරණයක් ගන්නවා,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සිල්වා ත් ප්‍රකාශ කළේය.
තත්වය තවත් ව්‍යාකුලයි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ. එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් රටේ උද්ගතව ඇති තත්වය තවත් ව්‍යාකුල විය හැකි බව ද නිවේදනයේ දැක්වේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකර ඇති බව පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනට සිදුකෙරෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කරනු ඇති බවට ද විශ්වාසය පළකර සිටී.