වෛරයේ දේශපාලනය නිමාවට පත් කරනවා – මහින්ද

mahinda-rajapaksa

තමන්ට කළ දේ හේතුවෙන් තමන් යළිත් වෛර කරාවි යැයි බොහෝ දෙනා කල්පනා කරද්දී තමන්ට වෛර කොට දිනාගත හැකි යමක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නම් නම් කරමින්.

අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේගේ පටන් කාදිනල් හිමිපාණන් දක්වා වූ සියලුම ආගමික නායකයින්ට මේ ආණ්ඩුවේ දේශපාලනඥයින් ගරහන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ජනතාවට ප්‍රශ්න ඇති වූ සෑම අවස්ථාවකදීම ඔවුන්ට තමන්ට මතක් වූ බවයි ජන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

කුණු කඳු කඩා වැටුනු විට බෝම්බ පිපිරුන විටත් තමන් ම මතක් වූ ජනතාව වෙනුවෙන් පොහොට්ටුව නිර්මාණය කළ බව මහින්ද රාජපක්ෂ කියා සිටියා. ජාතික ආරක්ෂාව ගැන සෝදිසියෙන් ඉන්නේ මිනිහෙක් රටට අවශ්‍ය බවත් ඒ නිසා ගෝඨාභය බවත් මහින්ද රාජපක්ෂ කියා සිටියේ ය.

දෙමළ භාෂාවෙන්ද සභාව ඇමතූ මහින්ද රාජපක්ෂ කියා සිටියේ දෙමළ හා මුස්ලිම් ජනතාව රවට්ටන්නේ නැති ජනාධිපති වරයෙක් අපට අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.