ශක්තික සත්කුමාරට ඇප ප්‍රමාද වීම ගැන අශෝක හඳගම

shakthi sathkumara

ICCPR Act එක යටතේ ( කෙටිකථාවක් ලිවීම ගැන) චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට ‘අධිකරණ බලයක්’ (Jurisdiction) නැති නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය වෙත යොමුවෙන තෙක් කල් බලන්නට වුනා.

ජූනි 26 වෙනිදා එය මහාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥයා තමන් කෙටිකතාව කියවා නොමැති නිසා එය කියවා විශ්ලේෂණය කර කරුණු දැක්වීමට කල් ඉල්ලා සිටියා.

කියවීමට විනාඩි දහයක් වත් ගත නොවන අදාළ කෙටිකතාව සාමාජ ජාල වලද සංසරණය වුනු ඉතා කෙටි එකක්. නඩුවට අදාළ ලිපි ගොනු වල එය අනිවාර්යයෙන්ම තිබිය යුතු නිසා රජයේ නීතිඥයාට එය හමු නොවන්නට හේතුවක් ද නැහැ.

එසේ නොවුනත් නැවත විභාගය සඳහා අගෝස්තු 05 වෙනිදා තරම් ඈත දිනයක් ඉල්ලීම සහ එතරම් කාලයක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට ඉඩ දීම සාධාරණීකරණය කරන්නේ කොහොමද කියන එක මගේ සාමාන්‍ය නීති දැනුමට නොවැටහෙන එකක්.

අනෙක චූදිතයෙකුට ඇප දීම නොදීම තීරණය කිරීමට චෝදනාවේ (කෙටිකතාවේ) අන්තර්ගතය අදාළ වන්නේ කෙසේද යන්නත් මට වැටහෙන්නේ නැහැ. මා දන්නා තරමින් විත්තිකරුවෙකුට ඇප දීමට හෝ නොදීමට සලකා බැලෙනුයේ ඔහු එළියේ සිටීම චෝදනාවට අදාළ පරීක්ෂණ කටයුතු ( Investigations ) වලට කෙසේ බලපානු ඇද්ද යන කාරණායි.

‘දෙරණ’ ට ‘අස්ගිරිය’ ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා……?

( අශෝක හදගම මුහුණුපොතෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.