ශර්මි කුමාර්ට මාංචු – දැන් ඔබට සතුටුද?

Sharmi Kumar

ලිංගික උද්ධීපනය අන්තර්ජාලය කැලඹු ශර්මි කුමාර් පසුගියදා අත්අඩංගුවට ගැනුණේ තරුණියන් දෙදෙනෙක් සමග. ශර්මි කුමාර් නම් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධිය ම පැතුවාය. එහෙත් ඇය හා අත්අඩංගුවට පත්වූ තරුණියන් දෙදෙනා කෑ මොර දුන්හ. එහි කියා දූෂණ මර්දන ඒකකය පොලිස් පරීක්ෂකවරයා ඔවුන් මුහුණ ආවරණය කර ගැනීමට සැරසෙද්දී ආවරණය ගලවා තමන් මේ වීඩියෝ කරන්නේ පොලීසිය වෙනුවෙන් යැයි පැවසීය.

Sharmi Kumarඑහෙත් එම වීඩියෝ අන්තර්ජාලය පුරා පැතිර ගියේ මිනිත්තු කිහිපයකින්. වීඩියෝ කිරීමට විරෝධය පළ කළ එක් තරුණියක් වස දීමට ද තැත් කළාය ඒ තරුණියට වහාම මාංචු දැමිණ. වීඩියෝ කැමරාව අය තමන්ගේ ආත්මය රැක ගැනීමට කළ පරාජයට පත් කළේය.

ලිංගික සදාචාරවාදීන්
උදාරම ලීලාවෙන් එහා මෙහා ගිය පොලිස් කණ්ඩායම මොහොතකට ලිංගික සදාචාරවාදීන් ගේ මනදොළ සපුරාලන්නට ඇත. තමන් ගණිකාවක් බව කටමැත දෙඩූ ශර්මි කුමාර් මෙහි ලිංගික කටයුතු කෙරෙන්නේ දැයි විමසූ විට පටවන්නට වූවාය. ලිංගිකත්වය තොරම්බල් කරන ශර්මි කුමාර් මෙන්ම අනේ අපි ඕවට නෑ යමින් spa වලට රිංගන තක්කඩි පිරිමින්ද එකම කාසියේ දෙපැත්ත බව lankanewsline වෙත කියා සිටියේ පැලවත්තේ SPA එකේ තෙරපී අක්කා කෙනෙක්.

“ශර්මිගේ SPA එකේ නංගිලා දෙන්නා arrest කරනකොට අඬනවා දැක්කම මගේ පපුව හෝස් ගාල පත්තු වුනා. මට කෑගහල අඬන්න ඕන. හක හක ගාලා හිනා උනා. මට අපේ customer ලාගෙ බොරුව මතක් උනා. එතන පාට් දාගෙන හසුරන ලොකු ලොක්කෝ සල්ලි ගෙවන්න නැතුව සැප ගන්න අපි ලඟට එනවද? කොච්චර ජරාව කනවා ද?”

ලිංගික පීඩනය
බොරැල්ලේ සිට මහරගම දක්වා SPA 140 හතළිය කී. මේවා අහම්බෙන් ඇති වූ ඒවා නොවේ. දැවෙන ලිංගික පීඩනය සහ අවස්ථා අහිමි තරුණියන්ගේ ජීවමාන සාධකය. සමස්ත ලංකා නිදහස් ආයුර්වේද සංගමය පවසන්නේ හිටපු ඇමැති රාජිත සේනාරත්න රුපියල් 1300ක මිලක් ගෙන කුවිතාන්සි නිකුත් කොට පංචකර්ම මධ්‍යස්ථාන ඇති කිරීමට දුන් අවසර හේතුවෙන් තැනින් තැන SPA ඇති වූ බවය. SPA වසා දමා ශර්මි එවැනි අය තව තවත් කුඩු කරමුද? ප්‍රශ්නය මේ තරම් සරලද ?

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.