ශ්‍රීලනිපය මැතිවරණයකට සූදානම්-විපක්‍ෂ නායක

VOTERS


අප්‍රේල් 23 වැනි දිනට පසුව හෝ ඊට පෙර ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

විපක්‍ෂ නායකවරයා මෙම ප්‍රකාශය සිදුකළේ අප්‍රේල් 23 දිනට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාරයක්‌ වශයෙනි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සතුව ඇති බවත් එම බලය පාවිච්චි කරමින් ඕනෑම අවස්‌ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට හැකි වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම ගෙන ඇති ඒකමතික තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති හා නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බවත් එම තීරණය අනුව ඉදිරියේදී වැඩකටයුතු කරන බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහයෝගය නොමැතිව අතුරු අයවැය ලේඛනය සම්මත කර ගැනීමට හෝ දින සියයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ නොමැති බවත් විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.