ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළට

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සෘණාත්මක හෙයින් ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් දෙකක්ම මේ වනවිටශ්‍රේණිගත කිරීමේදී රින අගයක් ලබාදී ඇත.

ඉතිරි ආයතනයත් නුදුරේදීම එම පියවර අනුගමනය කරනු ඇති බවත් ඒ අනුව, ඉදිරියේදී විදෙස් ණය ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකාවට ගැටළුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

“ගිය සතියේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ( S&P ) කියන ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ලංකාවේ ඉදිරි දැක්ම සෘණාත්මක කළා. මීට සති තුනකට කලින් ෆිච් ආයතනයත් සෘණාත්මක කළා. එතකොට තව ඉතිරි වෙලා තියෙන්නෙ එකයි, මූඩීස් ආයතනය. ඒකත් බොහෝ දුරට මේ දේම එන සතියේ හෝ ඊළඟ සතියේ කරන්න ඉඩ තියෙනවා.

රජයට එක්කෝ බදු නැවත වැඩි කරන්න වෙනවා, නමුත් තුනෙන් දෙක ගන්න බලාපොරොත්තුව නිසා ඒක කරන්න බැරි වෙනවා. විදේශ ණය ලබාගන්න වෙනවා, ඒක වැඩි පොළියක් ගෙවන්න වෙනවා ශ්‍රේණිගත කිරීමේ අවුල නිසා. මහබැංකුව කියලා තියෙනවා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තවත් ණය සහනත් දෙනවා කියලා. ඒ ණය සහන ලබාදෙන එකේ ගැටළුවක් නෑ, ඒත් එහෙම ණය සහන ලබාදෙනකොට බැංකු ක්ෂේත්‍රයේ යම් යම් අර්බුදවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා යැයි හර්ෂ සිල්වා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.