ශ්‍රී ලංකාව තවමත් අංක එකේ සංචාරක පාරාදීසයයි

sri lanka

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තරමක් අඩපණ වුවද lonely planet ප්‍රකාශනයට අනුව තාමත් ශ්‍රී ලංකාව අංක එකේ සංචාරක පාරාදීසයයි.

විශේෂයෙන්ම ජනතාවගේ උද්යෝගීමත් ආගන්තුක සංචාර හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන බවයි ප්‍රකාශනය පෙන්වා දෙන්නේ. ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක වෙන්කිරීම් 186% කින් පහළ බැස්ස නමුත් දැන් තත්වය ක්‍රමයෙන් වර්ධනය වෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක තහනම ලිහිල් කොට ඇත. ශ්‍රී ලංකාව රස නහර පිනා යන ආහාර වේලක් ලබාගත හැකි තැනක් යයි නිර්භයව පැවසිය හැකි තැනක් යයි lonely planet ප්‍රකාශනය කියා සිටී.

එසේම දුම්රිය මාර්ග ඔස්සේ ගමන්කරමින් ඉතා රමණීය දසුන් දැකගැනීමට හැකි බවත් කියන lonley planet ප්‍රකාශනය පෙන්වා දෙන්නේ බෝම්බ කරුවන්ට ජය ගැනීමට ඉඩ දිය යුතු නැති බවයි.

සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

https://www.lonelyplanet.com/sri-lanka/travel-tips-and-articles/why-i-wont-give-up-on-sri-lanka-and-you-shouldnt-either/40625c8c-8a11-5710-a052-1479d2750f63

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.