
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අත්සන් කරන ලද SOFA ගිවිසුම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්වයක් මතු වෙන අතර මෙය ශ්‍රී ලංකාවේ දේශසීමා ඉක්මවා යන සුළි කුණාටුවක පෙරනිමිති පෙන්නුම් කරමින් සිටි. දෙරට අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කෙරුණු මෙම ගිවිසුම රටට හානිදායක එකක් නොවන බවයි මුදල් ඇමති මංගල සමරවීර පවසන්නේ.
මෙම ගිවිසුම අක්‍රමවත් හා අවිචාරශීලී ලෙස සකස් කරගත් එකක් බවත් එවකට සිටි විදේශය අමාත්‍යාංශය ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාට රටට අහිතකර ලෙසින් කටයුතු කොට ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.
මෙම ගිවිසුමේ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව නිසි ලෙස දැනුවත් නොකිරීම පිළිබඳව චෝදනා නැගී ඇත. එසේම ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය රහිතව මෙම යුගයේ සුභ සාකච්ඡා වී ඇති බවත් චෝදනා එල්ලවෙයි.
අර්බුද කාර්යයක් අර්බුදකාරී තත්ත්වයක් අනතුරුව හිටපු විදේශීය ලේකම්වරයාට ජනාධිපති නියෝගයෙන් තම තනතුර අත්හැර යාමට සිදුවිය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් චීනය අසතුටෙන් සිටින බවයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසන්නේ. ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් බොහෝ දේ මිලදී ගන්නා නිසා මෙම ගිවිසුම සලකා බැලීමට සිදු වූ බව අමාත්‍ය මංගල සමරවීර පවසයි. මෙම ගිවිසුම සකස් කිරීමට දායක වූ ප්‍රසාද් කාරියවසම් මහතාට ඇමරිකානු ආණ්ඩුවේ ආයතනයක අනුග්‍රහය ඇතිව පාර්ලිමේන්තුවේ රැකියාවක් හිමිව තිබේ.
මෙම ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවට වීසා බලපත්‍ර රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිය. එසේම ශ්‍රී ලංකාවේ නීති රීති මෙරට තුලදී ඇමරිකානු හමුදාවට බලපාන්නේ නැත. එසේම අමෙරිකානු හමුදාවට ශ්‍රී ලංකාවේ විදුලි සන්දේශය තරංග භාවිතා කළ හැකිය. සමස්තයක් ලෙස ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ කටයුතු කළහැකි හැකි යන මතය මීට විපක්ෂ වූවන් විසින් දක්වනු ලැබේ.