ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාලමක් ඕනෑ වී තිබේ

kumara welgama

දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සංහිඳියාවක් ඇති කළ හැකි නායකත්වයක් අවශ්‍ය වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. ඉදිරි ජනාධිපතිවරණයකදී මෛත්‍රිපාල සිරිසේන සාධකය නොතකා හැර තරග කළහොත් එක්සත් ජාතික පක්ෂය වැඩපිළිවෙල ඉදිරියේ පොදුජන එක්සත් පෙරමුණ දුර්මුඛ විය හැකි බවයි ඔවුන් අදහස් දක්වන්නේ.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සුළු ජාතික ඡන්ද සහ බටහිර ජාතීන්ගේ සහයෝගය ලැබීමට ඉඩ තිබෙන හෙයින් ඉතා ශක්තිමත් මැතිවරණ පෙරමුණක් නිර්මාණය කරගත යුතුව ඇති බව මේ විචාරකයෝ පෙන්වා දෙති.

කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා යළිත් එක්වීම ඇතැමුන් දකින්නේ මේ පාලම නිර්මාණය කිරීමේ මුල් පියවරක් ලෙසිනි. ශ්‍රී බී රත්නායක හිටපු ඇමැතිවරයා වෙල්ගම ඇමතිවරයාගේ නික්මයාම සම්බන්ධයෙන් කියා සිටියේ එය දේශපාලන උපක්‍රමයක් විය හැකි බවයි. වහෙන් ඔරෝ භාශාවෙන් ඔහු කියා සිටියේ ලණුව පාගගෙන ඉන්නේ ඇයිද කියාය. කුමාර වෙල්ගම මහතා පැවසූයේ රෙද්ද බැනියම අඳින නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.

වේල්ගම රෙද්ද බැඳීම රෙද්ද බැනියම අඳින නායකයින් දෙදෙනෙක් නම් කොට සිටියේය පළමුවැන්නා දිනේෂ් ගුණවර්ධන දෙවන චමල් රාජපක්ෂ ය. රෝහිත රාජපක්ෂ පසුගියදා කියා සිටියේ ගෝඨාභය සහ චමල් රාජපක්ෂ යන දෙදෙනා අතුරින් ගෝඨාභය වඩාත් සුදුසු බවය. මේ අනුව පෙනී යන්නේ රාජපක්ෂ පවුල තුළ ඇදිල්ලක් පවතින බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන එක්සත් පෙරමුණ අතර සංහිඳියාව ඇති කළ හැකි නම් කීපයක්ම මේ විට යෝජනා වී තිබේ. මේ සඳහා දේශපාලන සම්ප්‍රදායන් පිළිබඳ මනා වැටහීමක් ඇතිවැටහීමක් ඇති නායකගේ අවශ්‍යතාව පැන නැගී ඇත. එසේම පාර්ලිමේන්තු මැතිවරණ සඳහා තරඟ කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් අතර ඇතිවිය හැකි ගැටුම් නිරාකරණය කිරිමේ හැකියාව මේ නායකයා සතු විය යුතුය. අනෙක් අතට මේ නායකයා ට ජාත්‍යන්තර තත්ත්වයන් කළමනාකරණය කරගත හැකි විය යුතුව ඇත.

අගෝස්තු එකොළොස් වැනි දාට පෙර මේ නායකයා හොයා ගැනීම මහින්ද රාජපක්ෂ හමුවේ ඇති අභියෝගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.