ශ්රී ලංකා, ශ්රී ලංකා සින්දු බැහැ – චන්ද්රිකා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඒ වේයන්ගොඩ, එළුවපිටිය ප්රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්වීය.
“ශ්රී ලංකා නිදහස් පක්ෂය නමින් මොකෙක් හරි බලයට පත් වුණා කියලා ඒ පත්වෙච්ච මනුස්සයා රට කනවා නම් පක්ෂය විනාශ කරනවා නම් ශ්රී ලංකා, ශ්රී ලංකා, ශ්රී ලංකා කිය කිය සින්දු කිය කිය ඉන්න බැහැ. ඒ මිනිහටත් විරුද්ධව අපි ඇක්ෂන් ගන්න ඕනේ. දැන් අපේ ආණ්ඩුවේ ප්රධාන ඇමැති කෙනෙක් හොරකම් කරලා අහු වුණා දැන් අයින් කරලා තියෙන්නේ. දැන් එයාට විරුද්ධව නඩු දානවලු. මුදල් ඇමැති. නිකන් ඇමැති කෙනෙක් නෙවෙයි. ප්රබලම ඇමැති. එහෙමයි ආණ්ඩුවක් තියෙන්න ඕනේ. එතකොට අපේ පක්ෂයේ කවුරු හරි වැරදි කෙරුවා නම් එයා ජනාධිපති වුණත් මොන දෙවියෝ වුණත් අපි එයාට විරුද්ධව කටයුතු කරන්න ඕනේ
ඒක අපේ යුතුකමක්. අපි හොයා ගත්තා රාජපක්ෂ පුතෙකුගේ නමට ඩුබායිවල මැෂ්ඩට් කියන බැංකුවේ ඩොලර් මිලියන 1000ක් එකවුන්ට් එකක් තිබුණා. පොලීසිය ගිහින් පරීක්ෂණ පටන් ගන්න කොට සල්ලි ටික ඔක්කොම ඇද්දා. බැංකුව දෙන්න බැහැ කිව්වා. විස්තරය ලිඛිතව. බැංකුවේ ඉන්න එවුන්ටත් පගාව දීලා. අපේ බැංකුවක් නෙවෙයිනේ බලෙන් ගන්න බැහැ.”
“ඒ මේ සුළු ප්රමාණයක් හොරකම් කරපු ඒවගෙන්. මගේ ආණ්ඩුවෙන් මම අවුරුදු 11ක් ජනාධිපති වෙලා හිටියා. පලවෙනි අවුරුදු අටේ රජයේ සේවකයෙකුගේ පඩි කොච්චර වැඩි කෙරුවද? මෙතන ඉන්න රජයේ සේවකයෝ අත උස්සන්න බලන්න. එක්කෙනාද? සංස්ථාවල එහෙම ඉන්න අය. ඔන්න බලන්න වැඩේ. 151ක් මගෙන් රස්සාව ගත්තා එක්කෙනයි ඉන්නේ. ඔන්න මිත්රවරුනි අපේ සිංහල බෞද්ධයන්ගේ කෙලෙහිගුණ සැලකීම.