සංවේදී සජිත් නිසා පක්ෂය ලෙඩවෙයි

විපක්ෂ නායක කාර්යාලයද සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සූදානම් කර තිබෙන නමුත් තවමත් ඔහු වැඩ භාරගෙන නැත. පාර්ලිමේන්තු සභාවාරය කල්දමා තිබෙන අවස්ථාවක විපක්ෂනායකකම යනු බල රහිත තනතුරක් බවයි සජිත් ප්‍රේමදාස ගේ පාර්ශවය තර්ක කරන්නේ.

පක්ෂ නායක කම නැතිව විපක්ෂනායකකම කුමකට ගන්න යනුවෙන් ප්‍රශ්න කරන පිරිසක් ද වේ. මැතිවරණය ජයග්‍රහණය කර ගත්හ නොහැකි වීම සජිත් ප්‍රේමදාස මහතාට යම්කිසි මානසික පසුබැස්මක් ඇති කොට තිබෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටිති.

විශේෂයෙන්ම තමන් හා එකට සිටිනවායැයි කියූ පුද්ගලයින් රාජපක්ෂ පාර්ශවය සමග ඩීල් දමා ගැනීම ඔහුගේ බලවත් කනස්සල්ලට හේතු වී ඇතැයි ඔහුගේ හිතමිතුරන් පවසති.

සජිත් ප්‍රේමදාස යනු කට්ට කයිරාටික දේශපාලනඥයෙක් නොව ඉතා සංවේදී මිනිසෙක් වන හෙයින් ඉතා ඉවසීමෙන් මේ මොහොතේ ඔහු ආ කටයුතු කළ යුතු බවයි ඔහුගේ පාර්ශවයේ හිතවතුන් පෙන්වා දෙන්නේ මහන්සි වී වැඩ කලහොත් ආසන 113 දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි බව රනිල් වික්‍රමසිංහ කියා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.