රුපියල් කෝටි අටසීයක් වැනි විශාල මුදලක් වංචා කිරීම පිළිබඳ චෝදනා ලබා ඇප පිට බන්ධනාගාරයෙන් නිදහස් වී සිටින සක්විති රණසිංහ you tube නාලිකාව ඔස්සේ ඉංග්රීසි ඉගැන්වීම ආරම්භ කොට ඇත. ඔහුගේ මේ උත්සාහයට දැඩි ප්රේක්ෂක ප්රසාදයක් පළ වෙමින් පවතී.
පසුගියදා ඔහු කියා සිටියේ බන්ධනාගාරයේදී සිරකරුවන් හට ඉංග්රීසි උගන්වා ඔවුන් එකතු කොට දුන් මුදලින් තමන් ඇප මුදල් ගෙවා නිදහස් වූ බවයි. රුපියල් කෝටි ගණනක ගනුදෙනු කළ ලක්ෂ 8ක් පමණ වූ ඇප මුදල් හොයා ගැනීමට රණසිංහට නොහැකි විය. මේ කාලය පුරාම ඔහු බලන්නට පැමිණියේ ඔහුගේ මව පමණි. තමන් වසර දහයක් තිස්සේ රිමාන්ඩ් ගත වීම තුළින් දැඩි දඬුවමක් විඳ ඇති බවයි පවසන්නේ.
දැන් ඉංග්රීසි උගන්වා හෝ තමන් නිසා පීඩාවට පත්වූ තැන්පත්කරුවන් හට වන්දි ගෙවීමට සූදානම් බව සක්විති රණසිංහ පවසයි. ඔහුගේ ඉංග්රීසි උච්චාරණය පිළිබඳව යම් ගැටලු ඇතත් ඔහු ඉංග්රීසි ඉගැන්වීම සඳහා භාවිතා කරන ක්රමවේදය ප්රශස්ත බව විචාරකයෝ පවසති.
සක්විති රණසිංහ රණසිංහ පවසන්නේ තමන් ඉගැන්වීමට උපන් බවයි. මේ ඔහුගේ අලුත් ඉංග්රීසි වැඩසටහනට පළ වූ ප්රතිචාරයක්.
‘වැටුණු එකා ඒ වලටම දාල පස් දාන්න බලා හිටපු අපේ ජාතිය දැන් ගොඩක් වෙනස් වෙලා. වැටුණු කෙනෙකුට හයියක් වෙන්න ලංකාවේ අලුත් කොල්ලෝ කෙල්ලෝ වචනෙකින් හරි උදව්වක් වෙන්න උත්සහ කරන හැටි දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ.’