සජිත්ගෙන් නිවාස වලට මිලියන 350 යි සේවකයින්ට මිලියන 480

sajith

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයකයන් සඳහා රුපියල් මිලියන 480 ක මුදලක් වැටුප ගෙවීම සඳහා වියදම් කර ඇති නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 350 ක මුදලක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති ඇතැම් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීමේ හෝ අවසන් කර නොමැති බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ජනතාවට නිවාස ඉදිකර දීමට විරුද්ධ නොමැති නමුත් එයින් නිවාස හිමියනුත් රටත් අපහසුතාවයට පත් වන්නේ නම් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තේරුමක් නොමැති බවයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්ක කළ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.