
තමන් ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නම් පක්ෂයේ නායකත්වයද හිමි විය යුතු බවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරනු ලබන අවධාරණය සම්බන්ධයෙන් ඔහුගෙ හිත උතුම් පිරිසක් ඔහුට දැඩි ලෙස අවවාද කොට ඇත. මේ මොහොතේ මූල්‍යමය පක්ෂයෙන් හා සංවිධාන ශක්තියත් ඉන්න දුර්වල අවස්ථාවක පසු ගෙන එයින් ඉවසීමෙන් යුතුව ප්‍රශ්න විසදාගත යුතු ඇතැයි ඔහුගේ හිතවතුන් පෙන්වා දෙති.
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලෙස පිළිගෙන ඔහු සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීම වඩා ප්‍රායෝගික විසින් බවයි සජිත් ප්‍රේමදාසගේ හිතවතුන් අවධාරණය කොට ඇත්තේ. කෙසේ වෙතත් ඊට විකල්පයක් ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත නායකත්වය පවරා එක්සත් ජාතික පෙරමුණ ලෙස මහ මැතිවරණයට ඉදිරිපත්විම යන යෝජනාව ඉදිරිපත් වී ඇති අතර ඊට සෙසු පක්ෂවල සහය ලබා ගැනීමේ අවස්ථාව ඇත. පෙරමුණේ කොටසක් නොවුවත් දෙමළ ජාතික සන්ධානය ද සජිත් ප්‍රේමදාස මහතා වෙත තම සහාය පළ කිරීමට ඉඩ ඇත.
සජිත් පාර්ශවය එජාපයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් පිහිටුවා ගැනීම සහ සජිත් පාර්ශවය ස්වාධීන කණ්ඩායමක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම කළ හැකි වුවත් මේ මොහොතේ එසේ කිරීමට හැකියාවක් නොමැති බවයි සජිත් ප්‍රේමදාසගේ හිතවතුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් දැඩි මතධාරී
පිරිස් පවසන්නේ රනිල් වික්‍රමසිංහ සමග යා හැකි ගමනක් නොමැති බවයි. කොතෙක් දුෂ්කර වුවත් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු බව මේ පිරිස පෙන්වා දෙති.
රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බලය භාවිතා කරමින් තවදුරටත් පක්ෂ නායකත්වය රැක ගැනීමට කටයුතු කළහොත් ස්වාධීන මාවතක් ඔස්සේ ගමන් කොට පසුව යළිත් එක්සත් ජාතික පක්ෂයේ බලය තහවුරු කර ගැනීම සජිත් ප්‍රේමදාස ගේ තෝරාගත් ක්‍රමෝපාය විය හැකිය.
රනිල් සජිත් සාකච්ඡාවක්
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (30 වැනිදා) පෙරවරු 11.00ට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවැසීය. එම දැනුම්දීම සිදුකර ඇත්තේ විපක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.
එමෙන්ම මෙම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.