සජිත් ආණ්ඩුවේ අගමැති මමයි – රනිල්

ranilw

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දරන ආණ්ඩුවේ තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කර තිබේ.

රජයේ ඉදිරි සංවර්ධන කටයුතු තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත

මහින්ද රාජපක්‍ෂ අගමැති

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා එම තනතුරට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මහමැතිවරණය පවත්වන තුරු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් සමග කටයුතු කළ නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගෙන මෙලෙස නව අග‍්‍රාමාත්‍යවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කරගන්නා බව ද අමරවීර මහතා කීවේය.

ඒ සදහා මන්ත‍්‍රීවරුන් 120කගේ පමණ සහය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබෙනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.