සජිත් නැතිනම් අපිත් නැහැ – රංජිත් සහ තලතා

එක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

එවැනි කමිටුවකට දිගින් දිගටම සහභාගි වෙමින් කල් මැරීම සිදු කළ නොහැකි වීම මත මෙම කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව එම දෙපළ පැවසූහ.

එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, එසේ නොකොට නායකත්ව මණ්‌ඩලවිපක්‍ෂ නායක ධුරයට අමතරව සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය ද ලබා දී පක්‍ෂ ප්‍රතිසංවිධානය ඇතුළු සියලු දේ ලබන සතිය අවසන්වීමට පෙර සිදු කරන බවට පක්‍ෂය එක`ග බව එක්‌සත් ජාතික පක්‍ෂය කියා සිටී.

එසේ තිබියදී එජාප ප්‍රතිසංවිධාන කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව ඇතමුන් පැවසීමත් එහි කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට අකුල් හෙළීමක්‌ බවද එජාපයේ ලක්‍ෂමන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිති.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.