සජිත් පෙරමුණේ – රවි කකුලෙන් අදී

Sajith Premadasa

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක සටනේ පෙරමුණේ සිටින බව දක්නට ලැබේ. තලතා අතුකෝරාල පසුගියදා කියා සිටියේ. සජිත් නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන බවය. රවි කරුනානායක කියා සිටියේ අරයාගේ මෙයාගේ පුතාට ජනාධිපති අපේක්ෂක කාම ලබා දෙන සිරිතක් තාම පක්ෂය නැති බවයි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාද ක්‍රමානුකූලව සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීමේ වැදගත්කම පක්ෂය හිතවතුන්ට අවධාරණය කරමින් සිටින බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගය ඇත්තේද සජිත් ප්‍රේමදාසටය. පාස්කු ඉරිදා බෝම්බයෙන් විනාශ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය ඉතා ඉක්මනින් පිළිසකර කර වීමෙන් සජිත් ප්‍රේමදාසට කාදිනල් වරයාගේ ආශිර්වාදය ද ලැබී ඇත. මල්වතු මහා සංඝ සභාවේ ලබාදෙන උත්තරීතර ප්‍රදානයක් ද ඔහුට පිරිනමා ඇත. අස්ගිරිය පැත්තේ තරංග ගැටලුවක් තිබුණද සජිත්ගේ ගැටලුවේ කොටසක් නොවන බව වාර්තා වේ. මේ අනූව බලතොත් සජිත් ප්‍රේමදාසට පෙරමග සූදානම්ය. රවිට සිදුවන්නේ පෝලිමට එක් වීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.