සජිත් සිංහල බෞද්ධ ජන පදනම ආමන්ත්‍රණය කරයි

දුරුතු පෝදා ආරම්භ කළ ‘සිරි සදහම් සෙත’ ධර්ම දේශනාව මාසිකව පැවැත්වීමට සජිත් සහ ඔහුගේ බිරිඳ කටයුතු යොදා ඇත පසුගිය දුරුතු පොහොයදා පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ භාර්යාවද ආරාධිතයින් සැලකිය යුතු පිරිසක් ද එක්ව සිටි අතර මෙයින් ලැබුණු ඉදිවූයේ සජිත් වටා තාමත් පිරිසක් සිටින බවය.

විපක්ෂ නායකයා ප්‍රවෘත්ති ලේකම් හැටියට රූපවාහිනි සංස්ථා හිටපු සභාපති රවි ජයවර්ධන පත්කොට ඇත. ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප නායකයෝ භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ඉල්ලා සිටි අතර මේ රට සිංහල බෞද්ධ යැයි ද දස අතේ කියන්නට පටන් ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මතුවන එක් මතයක් නම් සජිත්ට වඩා හොඳින් රාජපක්ෂලාට බෞද්ධ ජන පදනමට ආමන්ත්‍රණය කර ඇති හෙයින්හෙ ප්‍රදර්ශනාත්මක ලෙස ධර්ම දේශනා සාකච්ඡා කිරීම, පන්සල් ගානේ වන්දනාමාන කිරීම, පුද පූජා කිරීම ආදිය මගින් අපේක්ෂා කරන ආකර්ෂණය ලබාගත නොහැකි බවයි.

ඒ වෙනුවට සිංහල බෞද්ධ ජන මානසිකත්වය තුළ හටගෙන ඇති අස්ථාවරත්වය පිළිබඳ අදහස් මෙන්ම රටේ සෙසු ජාතීන් හා සිංහල බෞද්ධ ජනතාව අතර සන්ධ්‍යා ගොඩනැගිය හැකි ආකාරය ගැඹුරෙන් විමසා ඊට සරිලන දේශපාලනය කිරීම වඩා ප්‍රයෝජනවත් විය හැකි බවයි ඔහුගේ විචාරකයෝ පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.