සතර අතින් ගිනිදැල් – ඕස්ට්‍රේලියානුවන් වෙරළේ

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට වේගයෙන් පැතිරී යෑම නිසා දහස් ගණනක පිරිස් මුහුදු වෙරළ වෙත පළා යමින් සිටිති. තද රත් පැහැති අහස යට බෝට්ටුවලට නැගී පළා යෑම ඉතා “භයානක අත්දැකීමක්” බව ‘මැලකූටා’ ප්‍රදේශවාසීහු පවසති.

නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම ලැව් ගිනි හේතුවෙන් මිය ගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය සම්පූර්ණ ගණන 12 දක්වා ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් හතර දෙනෙකු සහ නිව් සවුත් වේල්ස්හි එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

අද දින (දෙසැම්බර් 31) ඇති වූ විශාල ගිනි ගැනීම් හේතුවෙන් මිය ගොස් ඇත්තේ පියෙකු සහ පුතෙකු වන අතර, ඔවුන්ගේ සිරුරු ‘කෝබාගෝ’ නගරයේ දී හමු වී ඇත.

“ඉතා දුක්මුසු තත්වයක්. ඔවුන් අනිවාර්යයෙන්ම ගින්නෙන් බේරෙන්න දැඩි උත්සාහයක යෙදෙන්න ඇති. නමුත් ගින්න ඇවිත් තියෙන්නේ උදේ පාන්දර,” යැයි නිව් සවුත් වේල්ස්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ගැරී වොබෝයිස් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.