විවිධ පාර්ශ්වයන් වෙතින් සජිත් පේමදාසගේ මැතිවරණය ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදුන් අරමුදල් නිසි ලෙස භාවිතා නොවන බව ප්‍රචාරණ කටයුතු මුලික වී සිටියේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.
මෙය බරපතළ චෝදනාවක් වන බැවින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බවයි ජාතික පක්ෂය ක්‍රියාකාරීත්වයෙන් පවසන්නේ.
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි වොක්ෂෝල් වීදිය පිහිටුවන ලද කාලය ඉතා කාර්යක්ෂමව කටයුතු කළ නමුත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙහෙයුම් කමිටුව නිසි ලෙස තමන්ගේ කටයුතු නොකළ බවයි තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙන්නේ.
මේ චෝදනා එල්ල වීමෙන් පසුව මලික් සමරවික්‍රම මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.