සදහටම ජීවත් වෙන්න බැරි ඇයි?

අපි සදහටම ජීවත් වුණොත්, කිසිම කෙනෙක් මැරෙන්නේ නැති වුණොත් අවුරුදු කීපයක් ගත වෙනකොට ලෝකය ජනයාගෙන් පිරී ඉතිරිලා ගිහින් අපිට දුව පැන ඇවිදින්නවත්, සෙල්ලම් කරන්නවත් තියා අපිට හෙලවෙන්නවත් බැරි වෙයි.

ඒක හරියට ඔබගේ ගෙදර තියෙන ඉඩ වැඩි වැඩි කරගන්නේ නැතිව තව තවත් උදවිය ඔබත් එක්ක ඒ ගෙයිම ජීවත් වෙන්න එනවා වගේ දෙයක්. මුලදි, මුලදි විනෝදයක් වගේ දැනුනත් ටික කලක් යනකොට කොයි තරම් තදබදයක් ගෙයි ඇතුලේ තියෙයි ද කිව්වොත්, මදක් සැතපී ඉන්න, ඔබගෙයි කියලා වෙනමම ඇඳක්, පුටුවක් තියාගන්න තබා ඔබ කැමතිම ක්‍රිඩා සෙල්ලම් කරන්න අවස්ථාවක් පවා ලැබෙන එකක් නැහැ.

ඒ වගේම අපි හැමෝටම ඇති වෙන්න තරම් මේ ලෝකෙ කෑම නැති නිසා තියෙන කෑම ටික අපි ඔක්කොම කාලා දාලම ඉවරවෙලා යාවි. බඩගින්න දරාගන්න බැරිව බාගදා අපි ලෙඩ වෙන්නත් බැරි නැහැ. සමහර විට තියෙන කෑම ටික වුණත් බෙදා ගන්න බැරුව අපි අපි රණ්ඩු වෙන්න පටන් ගන්නත් පුළුවන්.
නරකම දේ තමයි, ජීවිතේ කම්මැලි සහගත වෙහෙසකර එකක් වීම. ඒක හරියට කිසිම දාක සෙල්ලම් කරන්න වෙලාවක්වත්, නිවාඩු කාලයක්වත් නැති ඉස්කෝලේකට යනවා වගේ දෙයක් වේවි. දිගින් දිගටම අතොරක්, නැවතීමක් නැතුව හැමදාමත් එකම දේවල් සිද්ධ වෙවී, ජීවිතය ඉවරයක් අවසානයක් නැතිව ගෙවේවි.

කොහොමවුණත් ඉතින් අපි සදහටම ජීවත් වෙන්නේ නැහැනේ? ඒ නිසා අපිට පුළුවනි අපි ලොකු මහත්වෙලා, අපේම කියලා ළමා ළපටි හම්බවෙන තුරු ආසාවෙන් බලා ඉන්න. ඊටත් පස්සේ ඉතින් වයස් ගතවෙලා, අපේ ඒ දරුවන්ටත් ජීවත් වෙන්න, ලොකු මහත්වෙන්න වගේම එයාලටත් දරුවෝ ලැබිලා මේ ක්‍රියාවලිය දිගින් දිගටම ඔව්, දිගින් දිගටම සිදු වෙන්න ඉඩ දීලා මිය පරලොව යන්න අපට පුළුවනි.

පරිවර්තනය හා සැකසුම: දිල් රූ දොඩාවත්ත-තතු වෙතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.