සමලිංගිකයින් 75 000 ක්

lesbianජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ සමලිංගිකන් 75,000 පමණ සිටිති. මිලියන එකයි 1.2 ක ගේ රුධිර සාම්පල පරීක්ෂා කොට ඇති අතර මේ අතරින් ඒඩ්ස් රෝගීන් 282 ක ක් සොයාගැනීමට හැකිවූ බව ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධානී වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

කොන්ඩම් භාවිතයෙන් තොරව ලිංගික ක්‍රියාවලියේ යෙදීම හේතුවෙන් සිෆිලිස් හා ගොනෝරියා රෝග පැතිර යෑම වැඩිවී ඇති බවයි වෛද්‍ය සිසිර ලියනගේ ප්‍රකාශ කරන්නේ .

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සුලබ ම ලිංගිකව බෝ වන රෝග කීපයකි.

HPV (Human Papillomavirus) – මානව පැපිලෝමා වයිරසය :
ලිංගික වශයෙන් සක්‍රිය සෑම පුද්ගලයකු ම කිසියම් අවස්ථාවකදී මානව පැපිලෝමා වයිරසයෙන් ආසාදනය වෙයි. මෙම වයිරසයේ ස්වරූප 40ක් පමණ ලිංගිකව බෝ වෙයි. එය යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ මාර්ගයෙන් කරන ලිංගික ක්‍රියාවලින් බෝ විය හැකි ය. එසේම, සමින් සමට ද බෝ විය හැකි ය. මානව පැපිලෝමා වයිරස් ආසාදන බොහොමයක් හානිකර නො වන අතර රෝග ලක්ෂණ ද නැත. ඔබගේ සිරුර ස්වයංව ම එය පරාජය කරයි. එහෙත්, ඇතැම් ඒවා නිසා ලිංගේන්ද්‍රියයන්ගේ ඉන්නන් ඇති විය හැකි ය. තවත් ඒවායින් මුඛය හා උගුර ආසාදනය වෙයි.

Chlamydia – ක්ලැමීඩියා:
ක්ලැමීඩියා වැඩිපුර බෝ වන්නේ යෝනි මාර්ගීය හා ගුද මාර්ගීය ලිංගික ක්‍රියාවලිනි. ඇතැම් විට මුඛ සංසර්ගයෙන් ද බෝ වේ. යෝනියෙන් හෝ ශිශ්නයෙන් ශ්‍රාවයක් පිට වනු දකින්නට ලැබෙනු ඇත. නැතිනම් මුත්‍රා කරන විට දැවිල්ලක් ඇති වන්නට ද පුළුවන. එහෙත් රෝග ලක්ෂණ දැක්ය වන්නේ කාන්තාවන්ගෙන් 25%ක් අතර හා පිරිමින්ගෙන් 50%ක් අතර පමණ ය. ක්ලැමීඩියා ඇති වන්නේ බැක්ටීරියාවක් නිසා ය. එයට ප්‍ර‍තිකාර පිණිස ප්‍ර‍තිජීවක ලබා දෙනු ලැබේ. මාස තුනකට පසු නැවත පරීක්ෂා කළ යුතු ය. ඔබගේ සහකරුවා ප්‍ර‍තිකාර ලබා ගත්තත් එසේ කළ යුතු ය.

Gonorrhea – ගොනෝරියා:
මෙය බොහෝ විට ක්ලැමීඩියා යයි වරදවා වටහා ගනු ලැබේ. රෝග දෙකෙහි ම රෝග ලක්ෂණ එක හා සමාන ය. යෝනියෙන් හෝ ශිශ්නයෙන් අසාමාන්‍ය තරල පිටවීමක් සිදු වේ. නැතිනම්, මුත්‍රා කරන විට දැවිල්ලක්, වේදනාවක් ඇති වේ. ගොනෝරියා වැළදුණු බොහෝ පිරිමින්ට රෝග ලක්ෂණ ඇති වේ. එහෙත්, රෝගය වැළදුණු කාන්තාවන් අතරින් රෝග ලක්ෂණ ඇති වන්නේ 20%කට පමණි. එය ඉතා පහසුවෙන් ප්‍ර‍තිජීවක මගින් සුව කළ හැකි ය.

Syphilis – සිෆිලිස්:
මෙය අවධි හතරක් සහිත සංකීර්ණ රෝගයකි. මුල් අවධියේදී ප්‍ර‍ධාන රෝග ලක්ෂණයක් වන්නේ දැවිල්ලයි. ද්විතීයක අවධියේදී ශරීරයේ කුෂ්ඨ ඇති වේ. ඉන් අනතුරුව මුඛයේ, යෝනියේ හෝ ගුදයේ දැවිල්ල ඇති වේ. තුන්වන හෙවත් නිලීන අවධියේදී රෝග ලක්ෂණ අතුරුදහන් වෙයි. මෙම අවධිය වසර ගණනාවක් හෝ ජීවිතයේ මුළු ඉදිරි කාලය පුරාම පැවතිය හැකි ය. ප්‍ර‍තිකාර නො කරන ලද සිෆිලිස් හේතුවෙන් අවසාන හෙවත් සිව්වන අවධියට එළඹෙන්නේ ආසාදිතයන්ගෙන් 15%ක් පමණි. එම අදියරේදී ඉන්ද්‍රියවලට හා ස්නායුවලට හානි සිදු වේ. මොළයේ ද ප්‍ර‍ශ්න ඇති විය හැකි ය.

Herpes – හර්පීස්:
HSV-1 සහ HSV-2 යන හර්පීස් තත්වයන් දෙකෙන් ම ලිංගේන්ද්‍රියන්ගේ හර්පීස් ඇති විය හැකි ය. එහෙත්, සාමාන්‍යයෙන් එසේ වන්නේ HSV-2 නිසා ය. හර්පීස්වල මූලික රෝග ලක්ෂණය වන්නේ ශිශ්නය, යෝනිය හෝ ගුදය වඩා වේදනාකාරී බිබිලි මතු වීමයි. ඔබට දකින්නට නො ලැබෙන හා නො දැනෙන පරිදි යෝනිය හෝ ගුදය තුළ ද බිබිළි ඇති විය හැකි ය. හර්පීස් වැළදුණු සෑම කෙනෙකුට ම බිබිළි ඇති වන්නේ නැත. එය පහසුවෙන් බෝ වේ. එය බෝ වීම සදහා ස්පර්ශය ප්‍ර‍මාණවත් ය. කොන්ඩම් මගින් ආවරණය නො වන ශරීර කොටස්වලින් ද බෝ වීම සිදු වේ. බිබිළි ඇති අයගෙන් බෝ වීම වැඩි ය. එහෙත්, වයිරසය පැතිරීම සදහා බිබිළි තිබීම අනිවාර්ය නැත. හර්පීස් වයිරසයක් බැවින් එයට ප්‍ර‍තිකාර නැත. ඖෂධ මගින් පාලනය කර ගත හැකි ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.