
ශ්‍රී ලංකාවේ ප්රමුඛ බැංකුවක ATM යන්ත්‍රවල පවතින දෝෂ වාර්තාකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පසුගිය 28 දා කොම්පඥවීදිය පොලිසියට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
මේ පිළිබඳව lankanewsline වෙබ් අඩවිය සම්පත් බැංකුවෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ මෙය ව්‍යාජ තොරතුරක් වන බවයි. තමන් windows 10 පරිගණක මෙහෙයුම් පද්ධතිය භාවිතා කරමින් ඉතා සුරක්ෂිතව තමන්ගේ ATM මෙහෙයුම ක්‍රියාත්මක කරන බව නිලධාරියෙක් පැවසීය.
දාල බැංකුව නියෝජනය කරමින් නීතිඥයින් 20කට ආසන්න පිරිසක් පොලිස් ස්ථානයට පැමිණ රජිව් යසිරු කුරුවිට ගෙන් ප්‍රශ්න කරමින් පොලිස් නිලධාරීන් ඉදිරිපිට ඔහුට බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි.
එම නීතිඥයින් බැංකුවේ ATM දෝෂය ගැන සිදුකළ අනාවරණය පිළිබඳව විමසීම පසෙකලමින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිත්‍යානුකුලභාවය පිළිබඳව ප්‍රශ්න කර ඇතැයි ද වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකුවක ATM යන්ත්‍රවල පවතින ආරක්ෂක දෝෂයක් හේතුවෙන් පාරිභෝගිකයින්ගේ මුදල් හා දත්ත සොරාගත හැකි බවට වන අනතුරු ඇගයීමක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංගමය විසින් පසුගිය දිනක අනාවරණය කර තිබිණ.