සමාජ ජාල මැරයින් ගේ ලැයිස්තුවක්

facebookමහජන සාමය සුරැකීමට ප්‍රමුඛතාව ලබා දෙමින් සමාජ සන්නිවේදන ජාල හා තවත් සමාජ ජාල මගින් කෙරෙන කඩාකප්පල්කාරී ප්‍රචාර අධීක්ෂණයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් යනාදිය විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධීක්ෂණයට ලක් කෙරෙන සමාජ ජාල හා සන්නිවේදන ජාල වන්නේය.

රට තුළ ජාතිවාදී ගැටුම් ඇති වන පරිදි අදාළ සන්නිවේදන ජාල ඔස්සේ කඩාකප්පල්කාරී ප්‍රචාර සිදු කරන්නන් හඳුනාගැනීම පිණිස මෙම පියවර ගෙන ඇති අතර අධීක්ෂණය අවසානයේ වන වාර්තාව ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා යොමු කිරීමට නියමිතය.

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පවත්වන අධීක්ෂණ කටයුතු හේතුවෙන් බොහෝදුරට සමාජ ජාල සක්‍රීයව පැවතීමට බාධා සිදු විය හැකි බවත් දින කිහිපයක් දක්වා අදාළ අධීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවත් කොමිශන් සභා ප්‍රකාශකයෙක් ‘රැස’ වෙත අනාවරණ කළේය.  සමාජ ජාල හා සමාජ සන්නිවේදන ජාල අවහිර වී ඇත්තේ ඒවා සහමුලින් අවහිර කිරීම හේතුවෙන් බවට විවිධ ප්‍රචාර නිකුත් වුවද එම ප්‍රචාරවල සත්‍යතාවක් නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.