සරච්චන්ද්‍රට රතු කට්ට පැන්න මොහොත

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යනු දැවැන්ත වනස්පතිය කි,මේ සුවිසල් වෘක්ෂ රාජයා සිංහල කලාවට දැවැන්ත සෙවනක් ආ සිසිලක් ම විය. ඔහු තුළ කලාව යනු මෙයයි කල්පනාවක් විය. ඒත් කල්පනා ලෝකය භූමියේ මවන්නට ඔහුට අවශ්‍ය විය. ඒ මහා පුරුෂයන්ගේ හැටිය. සිංහබාහු මනමේ බිහිවිය. සරච්චන්ද්‍රයන්ට සරසවි ඇදුරු කම හා නිර්මාණ ශක්තිය හරහා දැවැන්ත බලයක් හිමි විය. ඒ නිසාම තමන්ගේ කල්පනා ලෝකය තුළ බිහිවූ කලාව මිස අන් කිසිවකට ඔහු එතරම් රුචි නොවීය. පේරාදෙණිය ගුරුකුලය බිහිවිය. ඩීමන් ආනන්ද කරුණාසේන ජයලත් අනිත් පැත්තකට තල්ලු විය. තිස්ස අබේසේකර හෙළිදරව් කරන මේ සිද්ධිය තුළින් එහි ඡායාව දැකගන්නට ලැබේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද රතන්ජංකර් පරික්ෂණයට විරෝධය පළ කළ සුනිල් ශාන්තයන්ට ගුවන්විදුලියට දොර ඇහිරිණි.

සිදුවූ අසාධාරණය ගැන හොයා බැලීම සඳහා අමරදේව, කේමදාස, තිස්ස අබේසේකර ආදින්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණ. ශිෂ්‍ය අබේසේකර රතන්ජංකර් පරීක්ෂණයේ නිර්දේශ ඉදිරිපත් කළ ලියවිල්ල ඉල්ලා සිටියේය. සරච්චන්ද්‍රයන් උදහස් වූ බවයි අයාලේ ගිය සිතක සටහන් ගේ නෑ තිස්ස අබේසේකර කියන්නේ.” ලියවිලි ඕන නැහැ. දැනට තියෙන ප්‍රතිපත්තිය වරද මොකද්ද පෙන්වා දුන්නොත් අපි උත්තර දෙන්නම්” තිස්ස අබේසේකර ප්‍රශ්නයකින් දමා ගැසුවේය තිස්ස: පියානෝ වගේ භාණ්ඩ තහනම් කරලා තියෙන්නෙ ඇයි?

සරච්චන්ද්‍ර: ඒවා පෙරදිග සංගීතය ශිල්ප ධර්මයන් සමඟ ගැළපෙන්නේ නැහැ. තිස්ස: ඔබටවත් මටවත් අයිතියක් තියෙනවද අපගේ පෞද්ගලික රුචි අරුචිකම් මත ඉඳගෙන අනිත් අයට නීති දාන්න? සරච්චන්ද්‍ර: මේ කතාව දුරදිග යනවා වැඩියි සරච්චන්ද්‍ර පුටුව පසෙකට තල්ලු ක නැගී සිටියේය කමිටුව රැස්වේ එතනින් කෙළවර විය. එහෙත් එහි අනිටු ප්‍රතිඵල දශක ගණනාවක් තිස්සේ දක්නට ලැබිණ. ශ්‍රී ප්‍රනාන්දුට නිසිතැන නොලැබිණ, ක්ලැරන්ස් ඉන්ද්‍රානි චූල ගණයේ සංගීතවේදීන් සේ සලකනු ලැබූහ. මිල්ටන් මල්ලවආරච්චි හට පියානෝ එකෝඩියන් සංගීත භාණ්ඩය භාවිතා කිරීමට අවසර නොලැබීම නිසා ඔහු බොහෝ කලක් ගුවන්විදුලි අත්හැරියේය. පෙරදිග සංගීතය ගුවන්විදුලි සංගීතය එකම නිර්ණායකය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.