
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මන්ද යන ප්රශ්නය සාකච්ඡාවට ලක් වෙමින් පවතී.
හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි වික්රමසිංහ මහත්මිය සහ රන්ජන් රාමනායක අතර කෙරුණ හඬ පටි සාකච්ඡාවක දී ඓතිහාසික නිර්ණය සරත් ජයමාන්න ඉතා දක්ෂ අපරාධ නඩු නිලධාරියෙක් බවයි. හඬ පටයෙන් පෙනී යන්නේ සරත් ජයමාන්න හා රන්ජන් රාමනායක අතර සංවාදයක් පැවති බවයි.
ආරංචිමාර්ග වලට අනුව සරත් ජයමාන්න අධිකරණය වෙනත් ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙන් යළිත් නීතිපති දෙපාර්තමේන්තුවක් කරා යෑම සුදුසුයයි තීරණය කොට ඇත.
ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා මීට පෙර නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කෙළේය. ඔහු අල්ලස් කොමිසමේ තතත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කළේය.
රාජ්ය අංශයේ නිලධාරීන් මෙන්ම අල්ලස් පනත යටතේ ආවරණය නොවු පෞද්ගලික අංශයේ නිලධාරීන්ද අල්ලස් පනත යටතට පත් කිරීම සඳහාද, එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කිරීම සඳහාද ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විශාල මෙහෙවරක් කළේය.