සරත් හෙට්ටිආරච්චි පියතුමන් වෙනුවෙන් ‘ලස්සන දවසක්’

sarath hettiarachchiආගමික සංහිදියාව සහ සහජීවනය වෙනුවෙන් කටයුතු කළ සරත් හෙට්ටිආරච්චි පියතුමන් ස්වර්ගස්ත වී තෙමසක් පිරීම නිමිත්තෙන්, ‘ලස්සන දවසක්’ නම් අනුස්මරණ සංවිධානය කර ඇත.

මැයි මස 16 වෙනිදා උදෑසන 10 සිට පස්වරු 5 දක්වා කළුතර, ගල්පාත මව්පිය සෙවෙනේ , ආබාධිත දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වේ.  පිළිකා රෝගයට ගොදුරුවීමෙන් ස්වර්ගස්ත වූ සරත් හෙට්ටිආරච්චි පියතුමන් ජනමාධ්‍ය අංශයටත් විශේෂ සේවාවක් සිදුකළ පූජකවරයෙකි.

තෙල්දෙණිය, කූරගල සිදුවූ ආගම්වාදී ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඉදිරිපත් වූ සරත් හෙට්ටිආරච්චි පියතුමා සමාජයේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමක් කළහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.