සහරාන් ගැන දැනගත්තේ ජනවාරියේ – රවී සෙනෙවිරත්න

zahran-hashim

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනි දා බව දැන් හෙළිදරව් වී තිබේ. මේ ප්‍රහාරය පිළිබඳ කරුණු දැන දැනත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගත් බව දැන් නිශ්චිත වශයෙන්ම සනාථ වී තිබේ.

මේ සමග මතුවෙන අනෙක් ප්‍රධාන කරුණ වන්නේ නම් ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි. සහරාන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාව ලිඛිතව දැනුම්වත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අ) පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමිනි.

මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනි දා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.