සහරාන් නොදුටු බදුර්දීන්

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට එරෙහිව නැගී තිබූ සෑම ගියෝය සාම චෝදනාවක්ම ප්‍රති ප්‍රතික්ෂේප කළේය. ඔහුට අභියෝග කළ හැකි තොරතුරු කිසිත් විශේෂ කාරක සභාව හතු නොවීය.

පළමුකොට ඔහු කියා සිටියේ ඔහු යටතේ පවතින සතොස වාහන කිසි කලකත් ත්‍රස්තවාදී කටයුතු සඳහා භාවිතා වන බවය. ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය භාණ්ඩාගාර අලව්දීන් ගේ පුතු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වීම පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේය අවම වශයෙන් ඔහුගේ බිරිඳ වත් මේ පිළිබඳව දැන නොසිටි බවයි. ත්‍රස්තවාදී සැකකරුවෙක් පිළිබඳ හමුදාපතිවරයා ගෙන් කළ විමසීම පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ තමන් හුදෙක් තොරතුරු ලබා ගැනීමක් පමණක් සිදුකළ බවයි.

හඬා වැටෙන පියෙක් සැනසීම සඳහා ආ ගිය තොරතුරු නොදත් පුතා පිළිබඳව තොරතුරු විමසූ බවයි රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පැවසුවේ. ත්‍රස්තවාදී සහරාන් තමන් හදුන්වන නැති බවත් රිෂාද් බදුයුදීන් ඇමතිවරයා පැවසීය. රිෂාද් බදුර්දින් ඇමතිවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නැති බව පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක්ද කාරක සභාවේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

“පාරවල් වල නම් අරාබි භාෂාවෙන් යෙදීම අනවශ්‍ය වැඩක්. එහෙම ඕන නෑ. සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් තිබුණම ඇති.|” යැයි ඇමැතිවරයා පැවසීය.

පවුලේ දේපළ පිළිබඳ විමසූ විට අමාත්‍යවරයා දුන් ප්‍රතිචාරයයි මේ:

ප්‍රශ්නය – ඔබට සහ පවුලට අක්කර 3000ක් හෝ 8000ක් තිබෙන බවට චෝදනාවක් කරලා තිබුණා නේද?

පිළිතුර – මගේ මුලු පවුලටම තිබෙන්නේ අක්කර 55යි. එස්බී දිසානායක මන්ත්‍රීවරයා කිව්වා මට අක්කර 8000ක් තිබෙනවා කියලා. මට දූපතක් තියනවා කියලත් කිව්වා. ඒ මන්ත්‍රීවරයා ගෙනත් ප්‍රශ්න කරන්න. පවුලට තියන අක්කර 55ට අමතරව තව තියන ඒවා එතුමාගෙන් අහලා දැනගෙන රජයට පවරා ගන්න. මේ ගැන විමර්ශනයක් කරන්න කියලා මම ඉල්ලනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.